හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පෞද්ගලික මාධ්ය ආයතනයක කැමරා ශිල්පියෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇති අතර, එහිදී කැමරා ශිල්පියා විසින් එල්ල කළ ප්රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
















