• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවට එන්න බෑ – ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරින් කියයි

15 September 2018
in දේශීය

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකික නිලධාරීන් පිරිසක් සිය සේවා කාලය අවසන් වීමෙන් පසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. නමුත් එම නිලධාරින් විවිධ කරුණු පෙන්වා කියමින් නැවත ලංකාවට පැමිණීමට සිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

තම දරුවන් ඔස්ට්‍රියාවේ පාසල්වලට ඇතුළත් කර ඇති බැවින් නැවත ලංකාවට පැමිණිය නොහැකි බවත් තවත් පිරිසක් විවිධ පුද්ගලික හේතු දක්වා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එම නිලධාරීන්ට වසර 03ට අමතරව සේවා දිගුවක් ලබා දී ඇති අතර එම සේවා දිගුවේ කාළය මේවන විට අවසන් වී ඇති බවත් වාර්තා වේ.

මේවන විටත් ඒ වෙනුවට නව නිලධාරීන් පිරිසක් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට අනියුක්ත කර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් තානාපති සේවයේ නිලධාරියෙකු/ සේවකයෙකු ලෙස අදාල විදෙස් රටකට පත්ව යන්නේ වසර 03ක කොන්ත්‍රාත් කාලයකට පමණකි.

එම සේවකයින්ට අදලා රටේ ස්ථීර පදිංචිය හිමි නොවන අතර වසර 03ක සේවා කාලය නිම වීමෙන් පසු නැවත ලංකාවට ‍ගෙන්වා තවත් විදේශ රටක තානාපති සේවයේ පිහිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

මෙරටට පැමිණි පසු එම සේවකයින්ට දරුවන් කොළඹ ඉහල පෙලේ පාසල් වලට ඇතුළත් කර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ලබා දෙයි.

Post Views: 7
Previous Post

ජනපතිගේ හදිසි කැබිනට් රැස්වීම…….!

Next Post

වොලිබොල් තරඟයෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

editor

editor

Next Post

වොලිබොල් තරඟයෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved