27 April 2024
#ක්‍රීඩා

වොලිබොල් තරඟයෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර පැවති ප්‍රථම ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ වට 03 ට 0ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලකාව සමත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඇරඹි ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වූයේ ප්‍රථම වතාවටයි.

වට 3 ට 0 ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම තරගයේ අනසක පැතිරවීමට සමත්විය. පළපුරුදු හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ හොංකොං 25 – 15, 25-20 සහ 25-22 වශයෙන් ලකුණු ලබාගත් අතර හොංකොං කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකාව හෙට දිනයේ තවත් මූලික වටයේ තරගයකට මලයාසියාව සමග තරග වැදීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *