කැනඩාවේ මොන්ට්‍රියල් නගරයට ගිනිකොණ දෙසින් සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයන් සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අනතුර සෙනසුරාදා පස්වරු 2.30ට පමණ Sainte-Brigide-d’Iberville ප්‍රදේශයේදී සිදුව ඇති අතර, හෙලිකොප්ටරය ගුවන්ගත වී සුළු වේලාවකින් යම් ගැටලුවකට මුහුණ දී අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කර ඇත.
පළමු ප්‍රතිචාර කණ්ඩායම් එම ස්ථානයට ළඟා වන විට හෙලිකොප්ටරය ගිනිගෙන තිබූ අතර, යානයේ සිටි සිව්දෙනාම මියගොස් සිටි බව Sûreté du Québec පොලිසිය සඳහන් කර තිබේ.
අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු කර නොමැති අතර, කැනඩාවේ Transportation Safety Board විසින් විමර්ශක කණ්ඩායමක් අනතුර සිදුවූ ස්ථානයට යොමු කර තිබේ.
















