නව ලෝක අනුපිළිවෙල (New world order) නිර්මාණය වනුයේ යුරෝපය කේන්ද්‍ර කරගනිමින් බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) ප්‍රකාශ කර තිබේ.
යුරෝපීය සංගමය (EU) සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කැනඩාව හඳුන්වා දුන්නේ “යුරෝපීය නොවන රටවල් අතරින් වඩාත්ම යුරෝපීය ලක්ෂණ සහිත රට” (The most European of non-European countries) වශයෙනි.
භූගෝලීය වශයෙන් යුරෝපයට අයත් නොවුණද, සංස්කෘතික, දේශපාලන සහ ආර්ථිකමය ප්‍රතිපත්ති අතින් කැනඩාව යුරෝපීය කලාපයට බෙහෙවින් සමීප බවත්, ඉදිරි ගෝලීය දේශපාලන පරිවර්තනයන් තුළ යුරෝපය සමඟ එක්ව කටයුතු කිරීම කැනඩාවේ ප්‍රධානතම උපායමාර්ගික ඉලක්කයක් බවත් අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් මැනවින් පැහැදිලි වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
















