පාපන්දු කුසලාන තරගාවලියේ අද (15) පැවති තීරණාත්මක තරගයකදී ලෝක පාපන්දු පිටියේ ප්‍රබලයින් වන ස්පාඤ්ඤය සමඟ කරටකර සටනක් ලබා දීමට අප්‍රිකානු කලාපයේ කේප් වර්ඩ් (Cabo Verde) කණ්ඩායම සමත් විය. දෙපිලම දැඩි සටනක නිරත වූ මෙම තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
තරගය පුරාවටම ස්පාඤ්ඤ කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට කේප් වර්ඩ් ක්‍රීඩකයින් සමත් වූ අතර, ඔවුන්ගේ ශක්තිමත් ආරක්ෂක උපක්‍රම හමුවේ ස්පාඤ්ඤ ඉදිරි පෙළ ක්‍රීඩකයින්ට ගෝල රැස් කිරීමට තිබූ අවස්ථා රැසක් ගිලිහී ගියේය. තරගයේ ජයග්‍රහණය සඳහා දෙපාර්ශවයම අවසන් මොහොත දක්වාම උත්සාහ කළද, නිශ්චිත ගෝලයක් වාර්තා කිරීමට කිසිදු කණ්ඩායමකට ඉඩක් ලැබුණේ නැත.
මෙම ප්‍රතිඵලයත් සමඟ කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවන අතර, එය ‘H’ කාණ්ඩයෙන් ඉදිරි වටයට සුදුසුකම් ලැබීමේ සටන තවදුරටත් උණුසුම් කිරීමට හේතු වනු ඇත. පාපන්දු කුසලානයේ මීළඟ තරගය බෙල්ජියම සහ ඊජිප්තුව අතර හෙට (16) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 12.30ට පැවැත්වීමට නියමිතය.
















