27 April 2024
#සංවර්ධන

මත්ද්‍රව්‍යයට රැදවුවන්ට වෘත්තීය මාර්ගෝපදේශණයෙන් යහපත් අනාගතයකට වැඩපිළිවෙලක්

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව අධිකරණය හමුවේ වරදකරුවකු වී පුනරුත්තාපනය ලබන රැදවුවන් හට වෘත්තීය පුහුණු නිපුණත්වයක් ලබා දීම පිළිබද සාකච්ඡාවක් ඊයේ (28) නිපුණතා සංවර්ධන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය හා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන අමාත්‍යවරුන්ගේ මුලීකත්වයෙන් පැවැත්විණි.

මත්ද්‍රවය භාවිතයෙන් අධිකරණය හමුවේ අවම වසරක කාලයකට පුනරුත්තාපන නියෝගය සහිත රැදවුවන් හට මෙම අවස්ථාව ලබාදීමට සාකච්ඡා වු අතර බන්ධනාගාර දෙපාර්තුමේන්තුව යටතේ පවතින වීරවිල පුනරුත්තාපන මධ්‍යස්ථානයේදි මෙම කටයුත්ත ආරම්භ කිරිමට යෝජනා විය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය අනුබද්ධ ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (NAITA), කාර්මික විද්‍යාල යන ආයතනයන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව අධිකරණය හමුවේ දඩුවම් ලබන කාන්තා රැදවුවන්ගේ අනාගතය යහපත් කිරිම සදහා නිසි වෘත්තීය මාර්ගෝපදේශණයක් ලබාදීම පිළිබදවද මෙහිදි සාකච්ඡා විය. මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වු තරුණ පිරිස සාමාන්‍ය ලෙස පුනරුත්තාපන කර නැවත පිටත්කිරිමේදි පෙර සිටි සමාජ මට්ටමට නැවත සමීප වි මත්ද්‍රව්‍ය සදහා යොමු වන අතර පුනරුත්තාපන කාල සීමාවේදි නිසි වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීමෙන් එය මගහරහා ගැනීමට හැකියාවක් පවතී. තවද පුනරුත්තාපනය ලබා අවසාන වන කාලසීමාවේදි ලබාගත් වෘත්තීය දැනුම මත වෘත්තීයක යෙදිමට සුඵ මුල්‍යමය දායකත්වයක් ලබාදිමටද මෙම අවස්ථාවේදි යෝජනා කෙරිණි.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තුමේන්තු නිළධාරීන් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුඵ නිළධාරින්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය අනුබද්ධ ආයතන නිළධාරින් රුසක් සහභාගි වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *