මධ්‍යම කඳුකරයේ ජල පෝෂිත ප්‍රදේශයන්ට තවදුරටත් විටින් විට පවතින මද වැසි තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ළඟා වෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා. මේ පිළිබඳව කරන ලද විමසිමකදී අදහස් දැක්වූ එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට තව දුරටත් විටින් විට මද වැසි තත්වයන් පැවතිම මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ළඟාවී ඇති බවයි. එම තත්ත්වයන් මත මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අගල් 06ක් පහලින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03යි අඟල් 05ක් පහලින්ද පවතියි. එම තත්ත්වයන් මත මෙම ජලාශ දෙකේ ජලය ජල විදුලිය නිපදවිම සඳහා අදාළ ජල විදුලි බලාගාර වෙත උපරිම අයුරින් බේදා හැරීමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.















