ජපානයේ ටෝකියෝ පදනම් කරගත් ප්‍රධාන ව්‍යාපාරික සමූහයක් වන CCH Co., Ltd. සමාගම, හුනාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hunas Holdings PLC) සමඟ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයකට එළඹ ඇති බව නිවේදනය කර තිබේ. අස්ථාවර වෙළඳපල තත්ත්වයන් මධ්‍යයේ වුවද මෙරට ආයෝජන අවස්ථා පුළුල් කරමින් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම අරමුණු කරගත් මෙම හවුල්කාරිත්වය හරහා, ජපාන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආර්ථික විභවය කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය මනාව තහවුරු වේ.
ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ, ආයෝජන සහ ව්‍යාපාර සංවර්ධන අංශවල පුළුල් අත්දැකීම් ඇති CCH සමාගම සමඟ ඇති කරගත් මෙම සබැඳියාව මඟින් හුනාස් හෝල්ඩින්ග්ස් හි ඉදිරි වර්ධන අවධියට ප්‍රබල ජාත්‍යන්තර පිටුවහලක් ලැබෙනු ඇත. දේශීය වෙළඳපොළේ ශක්තිමත් පදනමක් සහ පැහැදිලි අභිලාෂයක් ඇති සමාගම් සමඟ අත්වැල් බැඳගනිමින් නව ව්‍යාපෘති ගවේෂණය කිරීමට අපේක්ෂා කරන බව CCH සමාගමේ අධ්‍යක්ෂ යොෂිහිකෝ ටනාබේ මහතා අවධාරණය කර ඇති අතර, එය මෙරට ආයෝජන ක්ෂේත්‍රයට නව ප්‍රාණයක් ගෙන එනු ඇත.
මෙවැනි ජාත්‍යන්තර ආයෝජන හවුල්කාරිත්වයන් හරහා මෙරට ආර්ථිකයට නව විදේශීය ප්‍රාග්ධනය ගලා ඒමට මෙන්ම දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවීමට මඟපෑදෙනු ඇත. ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත නව ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසර පද්ධතියට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුම් විශේෂඥතාව සහ නව තාක්ෂණික ප්‍රවේශයන් අත්පත් කරගැනීමට හැකිවීම, ජාතික ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමට මෙන්ම දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ද ඉමහත් රුකුලක් වනු ඇත.
















