දිවයින තුළ නිරන්තරයෙන් සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති මදුරුවන්ගෙන් බෝවන රෝග හමුවේ පවුල් මත පැටවෙන ආර්ථික බර අවම කිරීමේ අරමුණින්, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් අතිශය දැරිය හැකි මිලකට නව රක්ෂණ ඔප්පුවක් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෑතකදී කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු මෙම නව ඩෙංගු සහ චිකුන්ගුන්යා රක්ෂණාවරණය හරහා, වර්තමාන සමාජ-ආර්ථික තත්ත්වයන් තුළ හදිසි රෝගී තත්ත්වයකදී පුරවැසියන්ට අවශ්‍ය වන ප්‍රායෝගික මූල්‍ය සහනයක් හිමිවේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රෝහල්ගත වීම් සඳහා පමණක් නොව නිවසේ සිට ප්‍රතිකාර ලබන අවස්ථාවන් සඳහාද ප්‍රතිලාභ හිමිවීම විශේෂත්වයකි. රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන රෝගියෙකුට දින 10ක් දක්වා දිනකට රුපියල් 10,000ක මුදලක්ද, දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවකදී දිනකට රුපියල් 20,000ක අමතර ප්‍රතිලාභයක්ද හිමිවන අතර, නිවසේදී සුවය ලබන රෝගීන් සඳහාද දිනකට රුපියල් 5,000ක් බැගින් උපරිම රුපියල් 50,000ක් දක්වා ප්‍රතිසාධන ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. කිසිදු වයස් සීමාවකට යටත් නොවී, දින 21ක කෙටි පොරොත්තු කාලයකින් අනතුරුව ක්‍රියාත්මක වන මෙමඟින් මුළු ප්‍රතිලාභය රුපියල් 250,000ක් දක්වා පුළුල් කර තිබේ.
මෙම ක්‍රමවේදය මඟින් සෞඛ්‍ය අර්බුද හමුවේ පුරවැසියන් මුහුණපාන අනපේක්ෂිත මූල්‍ය දුෂ්කරතාවලට තිරසර විසඳුමක් ලබා දෙන අතර, ඉදිරියේදී මෙවැනි රක්ෂණාවරණ හරහා මෙරට සෞඛ්‍ය ආරක්ෂණ ජාලය වඩාත් ශක්තිමත් වීම අපේක්ෂා කෙරේ. දිවයින පුරා පිහිටි සෙලින්කෝ ජෙනරල් ශාඛා මෙන්ම මාර්ගගත සෙලින්කෝ VIP HUB වේදිකාව හරහාද මෙම සේවාව පහසුවෙන් ලබා ගත හැකි වීම, මහජනතාවට සිය සෞඛ්‍ය ආරක්ෂාව පහසුවෙන් තහවුරු කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.














