අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව අඛණ්ඩව පැවතීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ ඉහළම මිල අගයන් සනිටුහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 90 ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වය ආසියානු වෙළෙඳපොළටද දැඩි ලෙස බලපා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.














