27 April 2024
#දේශීය

මහබැංකු අධිපති ඉවත් වන්නේ නෑ – ජනපති

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි තමාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටළු පිළිබඳ පමණක් බව මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් තමා මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇති බව ජනාධිපතිවරයා පවසා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *