ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මූල්‍ය මණ්ඩලය විසින් ඊයේ (22) පවත්වන ලද රැස්වීමේදී, එම ණය පොලී අනුපාතිකය (Overnight Policy Rate – OPR) 8.75% මට්ටමේ අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ අපේක්ෂාවන් හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබේ.
මධ්‍යම ආසියානු සහ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ භාණ්ඩ මිල, විශේෂයෙන්ම බොරතෙල් මිල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව පෙන්වා දෙයි.
මෙම වර්ධනයන් විවිධ මාර්ග ඔස්සේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන්ට මෙන්ම දේශීය ආර්ථිකයට ද බලපෑම් ඇති කළ හැකි බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.













