ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, “2026 අංක 2 දරන අපනයන ආදායම් ආපසු ගෙන්වා ගැනීමේ රෙගුලාසි” නමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසු මෙම නව රෙගුලාසි බලාත්මක වීමට නියමිතය.
මෙම සංශෝධිත රාමුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
අපනයනකරුවන් විසින් තමන් උපයන අපනයන ආදායමෙන්, අවසර ලත් ගෙවීම් (අපනයනයට අදාළ වත්මන් ගනුදෙනු, ණය වාරික ගෙවීම්, විදේශීය ආයෝජකයින්ට ලාභාංශ ගෙවීම්, විදේශීය සේවක වැටුප්, ගමන් වියදම් සහ රජයේ විදේශ මුදල් ණය සුරැකුම්පත්වල 10%ක් දක්වා ආයෝජන) සිදු කිරීමෙන් පසු ඉතිරිවන මුදල් ප්‍රමාණය ඊළඟ මාසයේ 10 වැනිදාට පෙර ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතුය.
මෙම රෙගුලාසි සෘජු අපනයනකරුවන්ට පමණක් නොව, විදේශ මුදල් උපයන වක්‍ර අපනයනකරුවන්ට ද අදාළ වේ. ඔවුන් ද අවසර ලත් ගෙවීම් සිදු කිරීමෙන් පසු ඉතිරි වන ශේෂයන් එකම කාල රාමුවක් තුළ රුපියල් බවට පරිවර්තනය කළ යුතු වේ.
මෙම පියවර මගින් රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම මහ බැංකුවේ අපේක්ෂාවයි.
















