මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන නොවැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
සීගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනතාව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටසේ වැඩ අවසන් කර 2030 වසර වන විට මාර්ගය දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
එම මාර්ගය ඉදිකිරීමෙන් පසු ගුවන් තොටුපළේ සිට සංචාරකයන්ට එම ප්‍රදේශයට කඩිනමින් ළඟාවීමට හැකි වන බවද ඔහු සඳහන් කළා. මේ වන විට ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් විසඳා අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.














