මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ සහ දික්ඔය මූලික රෝහලේ පවතින අඩුපාඩුකම් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
මස්කෙළිය රෝහලේ වසර 50කට වඩා ඉපැරණි ගිලන් රථය වෙනුවෙන් නව ගිලන් රථයක් ලබාදීමටත්, අක්‍රීයව පවතින විදුලි සෝපානය අලුත්වැඩියා කර දීමටත් ආණ්ඩුකාරවරයා මෙහිදී පොරොන්දු වී ඇති අතර, දික්ඔය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය නිරීක්ෂණය කර රෝහල් අධ්යක්ෂවරයා විසින් ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීම් ද කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබේ.
















