මධ්‍යම පළාතේ පාසල්වල 11 වැනි ශ්‍රේණිය සඳහා පැවති දෙවන වාර විභාගයේ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය, 2019 වසරේ උතුරු පළාතේ සිසුන් සඳහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ පිටපතක් දැයි සෙවීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇත. අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 24 සිට ඉදිරියට ඇති සියලුම ප්‍රශ්න සහ දෙවන හා තුන්වන ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න 2019 උතුරු පළාත් ප්‍රශ්න පත්‍රයේ තිබූ ඒවා බවට චෝදනා එල්ල වේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සකස් කර නිකුත් කරන ලද මෙම ප්‍රශ්න පත්‍රය සහ 2019 වසරේ උතුරු පළාත් ප්‍රශ්න පත්‍රය සසඳා බලා පරීක්ෂණයක් සිදුකරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
















