මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තාවකාලික, අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයින් 70 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබේ.
මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරමින් නියමිත සුදුසුකම් සපුරා තිබූ පිරිස් මෙලෙස ස්ථිර රාජ්‍ය සේවයට ඇතුළත් කරගෙන ඇති අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තීරණයකට අනුව තාක්ෂණ නිලධාරී, වැඩ පරිපාලක, රියදුරු සහ කම්කරු යන තනතුරු සඳහා මෙම පත්වීම් ලබා දී ඇත. මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී. විජේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.














