මධ්‍යම පළාත් පාසල් ජිම්නාස්ටික් තරගාවලියේ බාලක හා බාලිකා ශූරතාවයන් දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සමත් වී තිබේ.
තරගාවලියේ බාලක අංශයේ ශූරතාවය හිමිකරගත් ශාන්ත සිල්වෙස්තර විදුහල රන් පදක්කම් 18ක් දිනා ගැනීමට සමත් වූ අතර, බාලිකා ශූරතාවය හිමිකරගත් මහමායා බාලිකාවියන් පදක්කම් 10ක් දිනා ගත්තේය. මෙම පාසල් ද්විත්වයේම ජිම්නාස්ටික් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස අමල් රසාංග මහතා කටයුතු කිරීම විශේෂත්වයකි.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මධ්‍යම පළාතෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.













