27 April 2024
#දේශීය

මධ්‍යම තරුණයන් සවිබල ගැන්වේ

ජාතික තරුණ සේවා සභාව , මධ්‍යම පළාත් සභාව හා එක්ව පළාතේ තරුණ පරපුරේ අභිවෘද්ධිය පිණිස වැඩසටහන් රැසක් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා කියා සිටියේ තරුණ සේවා සභෘවේ පළාතේ නිලධාරින් සමග මේ පිළිබදව සාකච්ඡා කළ බවත් තරුණ ප්‍රජාව සවිබල ගන්වනු වස් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් අන්තර්ගත ක්‍රියාත්මක සැලැස්මක් නොපමාව සම්පාදනය කොට මීළඟ සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන ලෙස ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වෙත දැනුම් දුන් බවද පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *