27 April 2024
#දේශීය

බලයට වඩා හෘදසාක්ෂිය වැදගත් කියමින් ලාන්සා ඇමැති ධුරයෙන් අස්වෙයි

තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා තමාගේ හෘද සාක්ෂිය වැදගත් බැවින් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිමල් ලාන්සා මන්ත්‍රීවරයා පවසයි.

ඒ අනුව සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇත.

එම ලිපියෙහි ලාන්සා මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් වෙත පැවරුණු වගකීම් ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදු වු ගැටළු කිහිපයක් තිබු බවත් එය ජනාධිපතිවරයා වෙත යොමු කල බවයි. කෙසේ වෙතත් තමාට පැවරුණු රාජකාරි රටේත්, මහජනතාවගේත් යහපත වෙනුවෙන් කටයුතු කල බව හෙතෙම සිය ලිපියෙහි සඳහන් කර ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *