ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැකෝයිමා (Pacoima) හි පිහිටි වයිට්මෑන් (Whiteman) ගුවන් තොටුපළේ මෝටර් රථ නැවතුම්පොළක් වෙත සෙස්නා (Cessna) වර්ගයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී තිබේ. ගුවන් යානය ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ වහාම එහි ගමන් මාර්ගයෙන් ඉවතට පැන, ආරක්ෂිත ගේට්ටුවක්ද කඩාගෙන ගොස් මෙම මෝටර් රථ නැවතුම්පොළ තුළට කඩා වැදී ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ අවට සිටි පිරිස් වහාම යානය වෙත දිවගොස් එහි සිටි නියමුවාව ආරක්ෂිතව පිටතට ගැනීමට සමත්ව ඇත. අනතුරින් පසුව ඔහුව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
මේ අතර, අනතුර සිදු වූ ස්ථානයේ ගුවන් යානයෙන් සුළු වශයෙන් ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් පවතින අතර, ප්‍රදේශයේ ගිනි නිවන භටයින් පිරිසක් එක්ව එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිති. මෙම ගුවන් යානා අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව එරට බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
















