ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට භාවිතා කරන “QR” කේත ක්‍රමවේදය ඉවත් කිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වූ වේගයට සාපේක්ෂව එම මිල ගණන් පහළ ගොස් නොමැති බවයි. කෙසේ වෙතත්, මේ වන විට පාරිභෝගිකයන්ට ඉන්ධන මිලදී ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
















