ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් QR කේතය (QR Code) භාවිතය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ පිළිබඳව කළ විමසීමකදී එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය වේගයට සාපේක්ෂව මිල පහත වැටීමක් මේ දක්වා සිදුව නොමැති බවයි. කෙසේ වුවද, මෙරට පාරිභෝගිකයින් සඳහා ඉන්ධන මිලදී ගැනීමට දැනට කිසිදු බාධාවක් නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















