27 April 2024
#දේශීය

ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා සභාපති ජංගම සේවයක් මාතලේදී

මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ සංකල්පයක් අනුව,”ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා” යන තේමාව පෙරදැරිකර ගනිමින්, සෑම මසකම පැවැත්වෙන “සභාපති ජංගම සේවයක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් මාසය වෙනුවෙන් ඉකුත්දා මඩවල උල්පත නාරංගමුව විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීමණ්ඩලය,කාර්ය මණ්ඩලය, මාතලේ පලාත් පාලන සහකාර කොමසාරිස් කර්‍යාලය නියෝජනය කරමින් ප්‍රජා සංවර්ධන නිලධාරී, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය නියෝජනය කරමින් පැමිණි වෛද්‍ය නිලධාරීන්,,පශු වෛද්‍ය කාර්යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, දිසා වන හා අඩවි වන කාර්‍යාලය, පලාපත්වලෙ ආයුර්වේදමධ්‍යස්ථානය, පලාපත්වල මහජපුස්තකාලය, ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් තම වටිනා කාලය කැප කරමින් මහජන සේවය සදහා කැප විය.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා මඩවල නාරංගමුව ප්‍රදේශයේ ගම්වාසීන් විශාල සංඛ්‍යාවක් එම අවස්ථාව සදහා සහභාගී වූ අතර,එහිදී ඩෙංගු මර්දන කටයුතු, බෝ නොවන රෝග සායන, දන්ත සායන, මහජන පැමිණිලි, ආයුර්වේද කටයුතු, පුස්තකාල කටයුතු, වැනි සේවාවන් රැසක් ලබා දුනි.

ජනතාවගේ ගැටළු ගමටම ගොස් විසදාදීම සඳහා මාසිකව මෙම කටයුත්ත සුදානම් කරන බව සභාපති කපිල හේන්දෙණිය මහතා පැවසීය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *