27 April 2024
#දේශීය

වසා දමා තිබු බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි වීවෘත කළ බව සභාපති විනෝද් පවසයි

යහපාලනය ආණ්ඩුව කාලයේදී වසා දමා තිබු බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි වීවෘත කල බව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැති නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

එම හමුවේදී රාජ්‍ය ඇමතිණි වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කියා සිටියේ තරුණ පරපුර වෘත්තීය පුහුණුව ඉහළ දැමීමේ අරමුණින් ආනමඩුව කලාපිය නව පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම කල යුතු බවයි.

ඒ අනුව එම ඉඩම නිවාස අධිකාරිය මගින් ලබා දීමට කැමැත්ත පල කර ඇති අතර එහි පවරා දීම් ලබන 05 වනදා සිදුවන බව ඇය කියා සිටියාය.

ඉදිරියේදී මොණරාගල කලාපිය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද කටයුතු කරන බව රාජ්‍ය ඇමතිණි වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *