එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින සමගි ජන බලවේගයේ සියලු පාක්ෂිකයන් කැමැත්ත පළ කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්දානි කිරිඇල්ල මහත්මිය පවසයි.
නාවලපිටියේ පැවති සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය සූදානම් බවත්, එවැනි මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමඟ යම් එකඟතාවයකට පැමිණ කටයුතු කරන්නේ නම් එම මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ හැකි බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
















