2 May 2024
#දේශීය #පුවත්

චන්ද්‍රිකා විටින් විට කියන එව්වා ගණන් ගන්න දෙයක් නෑ – මන්ත්‍රී චන්ද්‍රෙස්න

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය එක එක කාලයට එක එක ප්‍රකාශ කරන බවත් නමුත් එතුමියගේ ප්‍රකාශන ඒ තරම්ම ගණන් ගත යුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (19) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා,“ කිසිම පක්ෂයක් ස්ථාවරව, මූලික සාමාජිකයෝ සහ ඒ ශක්තිය එක විදිහට කැඩෙන්නේ, බිදෙන්නේ නැතිව තිබිලා නැහැ. ඉතිහාසයගත්තාම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු තිස් අටක්, හතළියක් හිටියා. අද ඒ අයගේ පක්ෂයේ කී දෙනයිද ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සී සීකඩ කැඩිලා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් කැඩුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කියලා මේක අලුත් දෙයක් නොවේ. ඒ සම්ප්‍රදාය, ඒ රටාව ලෝකෙම තත්වය මේ විදිහට සිදුවෙන්නේ. ඒ ඇරෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අලුතින් දෙයක් වෙලා නැහැ. සන්ධානගත වෙනවා කියන කාරණය පිළිබඳව තව ඉදිරියට කාලය තිබෙනවා. ඒ නිසා අපිට දැන්ම මේවට අර්ථකතන දෙන්න බැහැ. ඒ සන්ධානගත වෙන පිරිස සන්ධානගත කිරීම, සන්ධාන හැදීම එක එක ආකාරයෙන් කෙරීගෙන යනවා. අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ තිබෙන ප්‍රධාන පක්ෂයක්. අපිත් එක්ක සන්ධානගත වෙන්න පිරිසක් බලාගෙන ඉන්නවා ඇති. අපිත් සන්ධානවලට එකතු කරගැනීම පිළිබඳව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ වගේම අපි සන්ධානයක් හැටියට ඉදිරියට ශක්තිමත් පක්ෂය සහ රටේ ඉදිරි අනාගතය පිළිබඳ වගකීමක් ඇති පක්ෂයක් හැටියට කටයුතු කරන ආකාරය පිළිබඳව ඒ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල සකස් කරගෙන යන වෙලාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය අපිට කිසිම වාසියක් වෙන්නෙත් නැහැ අවාසියක් වෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි කොයි අවස්ථාවකවත් යැපිලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපෙන් යැපිලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස තමයි පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට 14 දෙනෙක් පැමිණියේ. ඒ 14 දැන් සී සීකඩ කැඩිලා ගිහින් තිබෙනවා. ඒ ඇරෙන්න අපි ගිහිල්ලා ඒ පක්ෂවලින් ඡන්දය ඉල්ලා ගිහින් නැහැ. ඒ නිසා අපි මව් පක්ෂය හැටියට අපේ පක්ෂය ශක්තිමත්ව ඉන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය එක එක කාලයට එක එක ප්‍රකාශ කරනවා. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියට අපි ගරු කරනවා. එතුමිය එදා ශ්‍රීලනිපේ අපේ පක්ෂයේ නායිකාව හැටියට කටයුතු කළා. නමුත් එතුමියගේ ප්‍රකාශන ඒ තරම්ම ගණන් ගන්න දෙයක් නැහැ. ඒ ප්‍රකාශන විටින් විට වෙනස් වෙනවා යැයි මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *