බැංකොක්හි අතිශය ජනප්‍රිය “Charcoal Tandoor Fire Grill” අවන්හල සිය ප්‍රථම ශ්‍රී ලාංකීය ශාඛාව කොළඹ යුනියන් පෙදෙසේ Capitol Twin Peaks හි 50 වන මහලේදී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී. අඩි 600කට වඩා ඉහළින් පිහිටි මෙම අවන්හල, කොළඹ නගරයේ සුන්දරත්වය නරඹමින් ඉහළ පෙළේ ඉන්දියානු භෝජන අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සලසා දෙයි.
ප්‍රවීණ කලාකරුවන්ගේ සහයෝගීතාව
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සංගීතවේදීන් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන මහත්වරුන් සහ මෙවන් ගුණතිලක මහතාගේ සම හිමිකාරීත්වයෙන් සහ බැංකොක්හි Soho Hospitality ආයතනයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වේ.
සුවිශේෂී සූප ශාස්ත්‍ර ක්‍රමවේද
2014 වසරේ බැංකොක්හිදී ආරම්භ වූ Charcoal සන්නාමය, සාම්ප්‍රදායික ඉන්දියානු තන්දුරි සහ මුග්ලායි ආහාර සම්ප්‍රදායන් සඳහා ලොව සුපතල වේ. “Live fire techniques” (ගිනි සිළු භාවිතයෙන් පිසීම) සහ “slow cooking” (මන්දගාමීව පිසීම) වැනි සූප ශාස්ත්‍ර ක්‍රමවේද මෙහිදී භාවිත කෙරෙන අතර, විවෘත තන්දුරි මුළුතැන්ගෙයක් (Open Tandoor Kitchen) හරහා පාරිභෝගිකයින්ට එම අත්දැකීම සජීවීව නැරඹිය හැකිය.
අසමසම පරිසරයක්
හුදෙක් ආහාරමය අත්දැකීමක් පමණක් නොව, අලංකාර අභ්‍යන්තර සැලසුම්, ආකර්ෂණීය ආලෝකකරණය සහ මනරම් සංගීතය සමඟින් කොළඹ නගරයේ රාත්‍රී සුන්දරත්වය විඳගැනීමට මෙහිදී ඉඩකඩ වෙන් කර ඇත. කොළඹ නගරය ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත්වන මොහොතක මෙවැනි උසස් මට්ටමේ භෝජන සංකල්ප හඳුන්වා දීම කාලෝචිත පියවරක් බව එහි සම අයිතිකරුවන් අවධාරණය කරයි.
Charcoal Tandoor Fire Grill දැන් රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා විවෘතව පවතින අතර, ඔබට අවශ්‍ය වේලාවන් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වෙන් කරවා ගත හැකිය.














