පෝය දිනයේදී මත්පැන් අලෙවි කරමින් සිටි බවට ලැබුණු තොරතුරක් මත යාපනය, චාවකච්චේරි පොලිස් බලප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී අලෙවියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය භාරයට ගත් මත්පැන් තොගයට අරක්කු ලීටර් 5,000ක් සහ බියර් ලීටර් 2,500ක් ඇතුළත් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්පැන් තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා චාවකච්චේරි පොලිසිය වෙත භාරදී ඇති බව වාර්තා වේ.
















