චීනයේ 17 හැවිරිදි ක්රීඩිකා චෙන් යූජී 2026 ආසියාතික ක්රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.06කින් ජයගනිමින් නව ආසියාතික ක්රීඩා වාර්තාවක් පිහිටුවා තිබේ. සැප්තැම්බර් 25 වැනිදා නගෝයාහිදී පැවති අවසන් තරගයේදී ඇය මෙම දක්ෂතාව දැක්වූ අතර, එය ඇගේම Asian U20 වාර්තාවද වැඩිදියුණු කිරීමකි.
ඒ අනුව 2002 බුසාන් ආසියාතික ක්රීඩා උළෙලේදී තත්පර 11.15ක කාලයක් වාර්තා කරමින් ශ්රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ පිහිටුවා තිබූ කාන්තා මීටර් 100 ආසියාතික ක්රීඩා වාර්තාව වසර 24කට පසු බිඳ වැටී තිබේ. චෙන් යූජීගේ 11.06ක කාලය සුසන්තිකාගේ වාර්තාවට වඩා තත්පර 0.09කින් වේගවත්ය.
සුසන්තිකා ජයසිංහ ශ්රී ලංකාවේ ප්රමුඛතම මලල ක්රීඩිකාවක් වන අතර ඇය ඔලිම්පික් රිදී පදක්කමක් සහ ලෝක ශූරතා රිදී හා ලෝකඩ පදක්කම් දිනාගෙන තිබේ. මේ අතර, ශ්රී ලංකාවේ දමයන්ති දර්ශා 1998 බැංකොක් ආසියාතික ක්රීඩා උළෙලේදී පිහිටුවූ කාන්තා මීටර් 200 තත්පර 22.48ක ආසියාතික ක්රීඩා වාර්තාව තවදුරටත් නොබිඳී පවතී.
















