හලාවත පොලිස් වසමේ කුරුසපාඩුව වැල්ල ප්‍රදේශයේදී ඊයේ (15) දින උදෑසන සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිස් නිලධාරීන් සමත්ව තිබේ. හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 70ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන කුරුසපාඩුව වැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














