• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට චීනය සහාය

10 March 2021
in දේශීය

ශ්‍රී ලංකාව තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින බැවින් චීනයේ සහය අඛණ්ඩව ලබා දෙන බව චීනය පැවසු බව විදේශ අමාත්‍යංශය පවසයි.

චීනයේ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත්දා (3) චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය ලූවෝ ජාවෝහුයි මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.

දෙපාර්වශ්ය අතර පැවති මෙම දීර්ඝ සාකච්ඡාවට ජාත්‍යන්තර සංසදවල දී සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහය, කොවිඩ්-19 වසංගතයෙන් පසු ප්‍රකෘතිමත් වීම හා සම්බන්ධ ආර්ථික කරුණු, කොවිඩ්-19 වසංගතය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ අනාගත ඉහළ මට්ටමේ සංචාර ද ඇතුළත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට චීනයේ සහය ලබා දෙන බවද උප අමාත්‍ය ලුවෝ මහතා මෙහිදී සහතික වී තිබේ.

 

ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීම සඳහා සහ රජය සතු ව්‍යවසාය ඇතුළුව වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කරවීම සඳහා දරන ප්‍රයත්නවලට චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කාර්යශීලී ලෙස සහය දක්වනු ඇත.

චීනයේ ආධාර ලද මෙම ව්‍යාපෘති දෙක බිම් මට්ටමෙන් ඉහළ නැංවීම සඳහා සුදුසු කාලය එළඹ ඇති බව ලුවෝ මැතිතුමා පිළිගත්තේය. දෙරට අතර ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමට කඩිනමින් එළඹීමේ අරමුණින් යුතුව ඒ පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බවට දෙපාර්ශ්වයම එකඟ විය.

ආචාර්ය කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාවේ ස්වාභාවික, කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන රැසකට චීනයේ ලාභදායී වෙළඳපොළ වෙත පිවිසීම සඳහා බාධා පමුණුවන තීරුබදු නොවන බාධක පිළිබඳ ගැටළුව ද මතු කළේය.

 

ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව කටයුතු කරමින්, 2020 වන විට අන්ත දිළිඳුභාවය සාර්ථක ලෙස පිටුදැකීම පිළිබඳව චීනයට ප්‍රශංසා කළ ආචාර්ය කොහොන මැතිතුමා, සිය වසක සංවත්සරය සැමරූ චීන කොමියුනිස්ට් පක්ෂය වෙත සිය සුබපැතුම් පිරිනැමීය. පක්ෂය විසින් සිදුකරන ලද රටේ දූරදර්ශී කළමනාකරණය, චීනයේ විශ්මයජනක සාර්ථකත්වය සඳහා හේතු වී තිබේ.

 

Post Views: 8
Previous Post

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය අගමැතිගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙයි

Next Post

සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරනවා – අධ්‍යාපන ඇමැති කියයි

editor

editor

Next Post

සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරනවා - අධ්‍යාපන ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved