ෂැංහයි නුවර නැව් තටාකාංගනයක ඉදිකෙරෙමින් පවතින අභිරහස් නව නෞකාව මඟින් යෝධ ප්‍රමාණයේ මිනිසුන් රහිත සබ්මැරීන ප්‍රවාහනය කිරීමට, මුදා හැරීමට සහ නැවත ලබා ගැනීමට හැකියාව පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඇමරිකානු නාවික හමුදාවේ ‘Orca’ ඩ්‍රෝන සබ්මැරීනය මෙන් 6ත් 8ත් අතර ගුණයක් විශාල මීටර් 35 සහ 45 පමණ ප්‍රමාණයේ දැවැන්ත සබ්මැරීන ඩ්‍රෝන යාත්‍රා දෙකක් චීනය විසින් මීට පෙර අත්හදා බලා ඇති අතර, මෙම නව නෞකාව තුළ එවැනි යෝධ ඩ්‍රෝන යාත්‍රා 4ක් පමණ රඳවා ගත හැකි විශාල අභ්‍යන්තර හැංගරයක් සහ ඒවා සජීවීව ජලයට මුදා හැරීමේ පද්ධතියක් අන්තර්ගත වන බව පෙනෙන්නට තිබේ.
මීට පෙර පරීක්ෂණ සඳහා පාවෙන ඩොක් යාත්‍රා භාවිතා කළද, මෙම නව යාත්‍රාව මඟින් මුහුදේදී ඩ්‍රෝන යාත්‍රා නඩත්තු කිරීමට, රැගෙන යාමට සහ සැබෑ මෙහෙයුම් සඳහා යෙදවීමට අවශ්‍ය යටිතල පහසුකම් චීනය විසින් සංවර්ධනය කරමින් පවතින බව මෙයින් පැහැදිලි වේ. බීජිං රජයේ සැබෑ අරමුණ කුමක්ද යන්න තවදුරටත් අනාවරණය වී නොමැති නමුත්, මෙය හුදෙක් අත්හදා බැලීමකින් ඔබ්බට ගිය බැරෑරුම් නාවික මෙහෙයුම් සූදානමක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














