චීනයේ ‘චැංඊ-6’ මෙහෙයුම යටතේ චන්ද්‍රයාගේ අඳුරු දුරස්ථ ප්‍රදේශයෙන් ලබාගන්නා ලද පාංශු සාම්පලයක්, ඔස්ට්‍රියාවේ වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ. චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයකින් ලබාගත් සාම්පලයක් ජාත්‍යන්තර සංවිධානයක් වෙත ලබා දුන් පළමු අවස්ථාව මෙය වන අතර, චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පැවති විශේෂ උත්සවයකදී මෙම සාම්පලය එළිදක්වන ලදී. ඉදිරියේදී මෙම අගනා සඳ සාම්පලය වියනාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.














