බීජිං නගරයේ පැවති ගෝලීය සංවර්ධන උත්සාහයන් (Global Development Initiative – GDI) පිළිබඳ ඉහළ පෙළේ හමුවකට චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහභාගී වී තිබේ.
එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම, සාමකාමී සංවර්ධන පරිසරයක් නිර්මාණය කිරීම සහ එකමුතුකම වැඩිදියුණු කිරීම සඳහා මෙහිදී අවධාරණය කර ඇත.
නවෝත්පාදන සංවර්ධන එන්ජිම ශක්තිමත් කිරීම, විවෘතභාවය සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම මෙන්ම බහුපාර්ශ්විකත්වය පුරුදු පුහුණු කරමින් ගෝලීය පාලන ක්‍රමය වැඩිදියුණු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
චීනය වගකිවයුතු ප්‍රධාන රටක කාර්යභාරය අඛණ්ඩව ඉටු කරමින්, සිය සංවර්ධනය අනෙකුත් රටවල පොදු සංවර්ධනය සමඟ සමීපව සම්බන්ධ කර ගනිමින් ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ දායකයෙකු ලෙස කටයුතු කරන බව මෙහිදී සඳහන් විය.














