චීනයේ රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ, එරට ප්‍රදේශ රැසක රෝහල් සේවකයන්ගේ මාසික වේතන සහ කාර්ය සාධන ප්‍රසාද දීමනා අත්හිටුවීමට හෝ කපාහැරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. The Epoch Times පුවත් සේවයට අනුව, ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගේ මාසික මූලික වැටුප යුවාන් 2,000 ටත් වඩා පහත වැටී ඇති අතර, ඇතැම් රෝහල් මාස ගණනාවකින් වැටුප් ගෙවීම් පවා සිදුකර නොමැත.
හැංෂෝ සහ ජියැංසු ඇතුළු පළාත්වල රෝහල් සේවකයන්ගේ වැටුප් සියයට 20ක පමණ ප්‍රමාණයකින් කපාහැර ඇති අතර, ප්‍රසාද දීමනා ගෙවීමද සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. මීට අමතරව, හෙයිලොන්ජියැං සහ ෂැන්ඩොන්ග් යන ප්‍රදේශවල වෛද්‍ය සේවකයන් මාස ගණනාවක හිඟ වැටුප් ඉල්ලමින් විරෝධතාවල නිරත වී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.















