චීනයේ යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි වාර්ෂික ප්‍රධාන ව්‍යාපාරික ආදායමක් ඇති කාර්මික ව්‍යවසායන්හි ලාභය ඉහළ ගොස් තිබේ.
ඉකුත් ජනවාරි මස සිට ජූනි මස දක්වා කාලය තුළ අදාළ ව්‍යවසායන්හි ලාභය චීන යුවාන් බිලියන 3,947.99ක් ලෙස සටහන් වන අතර, එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 18.7%ක සැලකිය යුතු වර්ධනයකි.
එම කාල සීමාව තුළ රජයේ හිමිකාරිත්වය සහිත ව්‍යවසායන්හි ලාභය 17.9%කින්ද, ඒකාබද්ධ කොටස් ක්‍රමය සහිත ව්‍යවසායන්හි ලාභය 24.7%කින්ද වර්ධනය වී ඇත. එමෙන්ම විදේශ ආයෝජන සහිත ව්‍යවසායන් මෙන්ම හොංකොං, මැකව් සහ චීන තායිවාන ආයෝජන සහිත ව්‍යවසායන්හි ලාභයද 2.6%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
මීට අමතරව, ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ චීනයේ පෞද්ගලික ව්‍යවසායන්හි ලාභයද 13%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.














