හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාව පනවා ඇති නාවික අවහිරතාවය (Blockade) නොසලකා හරිමින් එය බිඳ දැමීමට චීනය සහ ඉරානය ඒකාබද්ධ සැලසුමක් සකස් කර ඇති බව වාර්තා වේ. “අපගේ අභ්‍යන්තර කටයුතුවලට අන් අය මැදිහත් නොවන බව අපි අපේක්ෂා කරනවා. ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කරන අතර ඔවුන් එය අප වෙනුවෙන් විවෘත කර තිබෙනවා,” යනුවෙන් චීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම වාතාවරණය යටතේ, ඉරාන නෞකා ඇමෙරිකානු නාවික බාධක මගහරිමින් ගමන් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර, එය දෙපාර්ශවය අතර සෘජු හමුදාමය ගැටුමක් (Clash) ඇතිවීමට හේතු විය හැකි බව විදේශීය විචාරකයෝ පෙන්වා දෙති. එවැනි ගැටුමක් ඇති වුවහොත් එය වත්මන් මැදපෙරදිග අර්බුදය මහා පරිමාණ ගෝලීය යුද්ධයක් දක්වා වර්ධනය වන “උච්චතම අවස්ථාව” (Boiling point) වනු ඇතැයි භීතියක් හටගෙන තිබේ.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පූර්ණ නාවික අවහිරතාවයක් වෙනුවෙන් පෙනී සිටින අතරතුර, චීනය සහ ඉරානය මෙලෙස සහයෝගීතාවයෙන් කටයුතු කිරීම ජාත්‍යන්තර දේශපාලන බල අරගලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකි. ඉදිරි පැය කිහිපය හෝ දින කිහිපය තුළ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන නාවික මෙහෙයුම් ලෝක සාමයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: BBC ඇසුරින්














