චීනයේ 22 වන සමුද්‍රීය දිනය පසුගිය ජූලි 11 වනදාට යෙදී තිබුණි. “ඩිජිටල් සහ කෘත්‍රිම බුද්ධි බලගැන්වීම: අනාගතය කරා ගමන” (Digital and Artificial Intelligence Empowerment: Journey to the Future) යන තේමාව යටතේ මෙම වසරේ සැමරුම් උත්සව පැවැත්විණි.
එදින නිකුත් කළ 2026 චීන සමුද්‍රීය දින නිවේදනයට අනුව, නාවික ප්‍රවාහනය, නැව් තැනීම සහ සමුද්‍ර කටයුතු යන ක්ෂේත්‍ර තුනෙහිම චීනය මේ වන විට ලොව ප්‍රධාන බලවතා බවට පත්ව සිටී. ගෝලීය සමුද්‍රීය නැව්ගත කිරීමේ පරිමාවෙන් තුනෙන් එකක් පමණ චීනය සතු වන අතර, ඔවුන්ගේ සේවා ජාලය ලොව පුරා ප්‍රධාන වෙළෙඳ කලාප ආවරණය කරයි.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලොව පිළිගත් ඉහළම පෙළේ වරායන් 10න් 8ක් සහ බහාලුම් ප්‍රවාහනය සඳහා වන ඉහළම වරායන් 10න් 6ක් චීනයට අයත් වේ.
නැව් තැනීමේ ප්‍රධාන දර්ශක තුනෙහි (නව ඇණවුම්, ඇණවුම් පොත සහ භාරදීම්) අඛණ්ඩව වසර 16ක් පුරා චීනය ගෝලීය ප්‍රමුඛතාවය අත්කරගෙන සිටී. 2026 මුල් භාගයේ දත්තවලට අනුව, ගෝලීය නැව් තැනීමේ නව ඇණවුම්වලින් බහුතරයක් හිමිකර ගැනීමට චීන නැව් අංගන සමත් වී ඇත.
චීනයේ දළ සමුද්‍රීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 11 ($1.62 ට්‍රිලියන) ඉක්මවා ගොස් තිබේ.
ඩිජිටල් සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීය බහාලුම් පර්යන්ත 30ක් පමණ චීනය විසින් මේ වන විට ගොඩනගා ඇති අතර, එමගින් ගෝලීය සමුද්‍රීය සැපයුම් දාමය තුළ චීනයේ ග්‍රහණය තවදුරටත් තහවුරු වී ඇත.















