උතුරු කොරියාව සමඟ ඩිප්ලෝමසිය යළි ඇරඹීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති උත්සාහය සහ ඒ සම්බන්ධයෙන් දෙරටේ ප්‍රතිචාර මධ්‍යයේ, චීන විදේශ අමාත්‍ය වැං යී මහතා දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වී තිබේ.
දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හ්යුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති වැං යී මහතා, කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා බීජිං රජයේ සහයෝගය පළ කර ඇත. ඇමරිකාව විසින් උතුරු කොරියාවට එරෙහිව පවතින “සතුරු ප්‍රතිපත්තිය” වෙනස් කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.
ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාස සීමා කිරීමෙන් පසු මෙම සංචාරය සිදුවීම විශේෂිතය. එළඹෙන නොවැම්බර් මාෙසයේදී පැවැත්වෙන APEC සමුළුව අතරතුර දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්වීමටද දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ වන විට කටයුතු කරමින් සිටී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















