27 April 2024
#දේශීය

චීන තානාපති අධ්‍යාපන ඇමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (05) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පාසල් ආරම්භය කාල රාමුවකට අනුගතව අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතින අතර, එහිදී දෙලක්ෂ තිස්දහස ඉක්ම වූ ගුරු භවතුන් සඳහා එන්නත්කරණය ඉක්මන් කළ හැකි වුයේ චිනයෙන් ලද සහයෝගය නිසා බවත්, එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යතාවත් කරන්නට මහත් ශක්තියක් වු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙරට අතර නොවිසිදුනු ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පිළිබඳව මෙහි දී සාකච්ඡා වුයේය. චීන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර අන්තර් හුවමාරු අධ්‍යයන ක්‍රමවේදයන් ඇති කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්හි තොරතුරු තාක්ෂණ පහසුකම් දියුණු කිරීමට චීනයෙන් ලබාගත හැකි සහයෝගයන් පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘෂි තාක්ෂණික විශ්ව විද්‍යාලයක් හම්බන්තොට ස්ථාපිත කිරීමට චීන රජයෙන් ඉල්ලා ඇති අතර ඉන් ශ්‍රී ලාංකික කෘෂිකර්ම සංවර්ධනයට ඉතා ශක්තියක් වන බවත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

විශ්ව විද්‍යාල මෙන් ම දෙරටේ විද්‍යාපීඨ හා පාසල් අතර ද අන්තර හුවමාරු සබඳතා ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සඳහා වන නියමු ව්‍යාපෘතියක් සඳහා පාසල් ප්‍රමුඛතාවයක් ලබා දෙන මෙන් තානාපතිවරයා ඉල්ලා සිටියේ ය.

එමෙන්ම හම්බන්තොට වරාය හා කර්මාන්තපුරය පිළිබඳව පිරික්සීමේ දී ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් කරා යා හැකි මංපෙත් විවර වී ඇති බව තානාපතිවරයා පැවසීය Logistic International Hub දක්වා සංවර්ධනය විය හැකි බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම චීනයේ නේවාසිකව අධ්‍යයන කටයුතු කරමින් සිට කොවිඩ් වසංගත හේතුවෙන් නැවත සියරට පැමිණි ශිෂ්‍යයන් ට මාර්ගගතව අධ්‍යාපන කටයුතු සිදු කළ ද වෛද්‍ය වැනි අධ්‍යයන කටයුතු ප්‍රායෝගිකව කළ යුතු බැවින් නැවත ඔවුන්ට චීනයට යාමේ අවස්ථා සලසා දෙන මෙන් ඉල්ලා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *