27 April 2024
#දේශීය

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පොදුජන පෙරමුණට කොරෝනා මර්ධන වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොරෝනා වසංගතය මර්ධනය කිරීමට යොදා ගත හැකි වෛද්‍ය උපකරණ තොගයක් චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙත පරිත්‍යාග කර ඇත.

මෙම භාණ්ඩ තොගය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා වෙත නිල වශයෙන් භාරදිම ඊයේ (14) චීන තානාපති කාර්යාල පරිශ්‍රයේදී සිදු විය.

මෙම භාණ්ඩ තොගය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අංශ වෙත භාර දීමට නියමිතය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ද සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *