රුපියල් අසූ තුන් ලක්ෂ දස දහසක් (රු. 8,310,000) වටිනා විදේශීය නිෂ්පාදිත නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරිකයින් පස් දෙනෙකු අද (16) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද පෙරවරු 11.15ට එයාර් ඒෂියා (Air Asia) ගුවන් සේවයට අයත් ඕ.ඩී.-297 දරන ගුවන් යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණ ඇත. ඔවුන්ගේ ගමන් මලු පහක් තුළ සඟවා තිබියදී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 55,400ක් අඩංගු කාටූන් 277ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පස් දෙනා සහ අත්පත් කරගත් දුම්වැටි තොගය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
















