ඉන්දියාවේ සුපිරි නළු චියාන් වික්‍රම් විශාල ගිබන් වඳුරෙක් සමඟ සෙල්ලම් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමෙන් පසු දැඩි විවේචනයට ලක්ව තිබේ.
රසිකයන් මුලින් වික්‍රම් සත්වයා සමඟ සිටින ආදරණීය මොහොතට ප්‍රශංසා කළ නමුත්, ලාර් ගිබන් (Lar Gibbon) වර්ගයේ වඳුරන් සුරතල් සතෙකු ලෙස තබා ගැනීම නීති විරෝධී බව මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කිරීමෙන් පසු එම වීඩියෝව දැඩි කතාබහකට ලක් විය. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වීඩියෝව වික්‍රම්ගේ දියණියගේ මාමණ්ඩිය වන, විදේශීය සතුන් වෙළඳාමට සම්බන්ධ බවට චෝදනාවලට ලක්ව සිටින ව්‍යාපාරික සී.කේ. රංගනාදන්ට අයත් එකක් බවයි.
නළු වික්‍රම්ගේ වීඩියෝවේ සිටි කීට ගිබන් යනු වන සතුන් සහ ශාක විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) සහ ඉන්දියාවේ වනජීවී ආරක්ෂණ පනත යටතේ දැඩි ලෙස ආරක්ෂා කර ඇති, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි. ජුනි මාසයේදී මනිපූර් සිට තමිල්නාඩුවේ ඊරෝඩ් වෙත ගෙන එන ලද ලාර් ගිබන් වඳුරා වික්‍රම් විසින් මිලදී ගත් බවද තොරතුරු වාර්තා වේ.
කෙසේ නමුත් නළු වික්‍රම් විසින් වීඩියෝව පැය 24ක් ඇතුළත තම ගිණුමෙන් මකා දැමුවද, අවශ්‍ය ලියකියවිලි නොමැතිව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු සුරතල් සතෙකු ලෙස තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව වනජීවී ක්‍රියාකාරීන් දැඩි ලෙස පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.














