දකුණු කොරියාවේ ප්‍රධානතම ගුවන්තොටුපොළ වන ඉන්චියොන් ගුවන්තොටුපොළ ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ බවට පත්ව තිබේ. ඉන්චියොන් ගුවන්තොටුපොළ මෙම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙතෙක් එම ස්ථානයේ පසු වූ ලන්ඩන්හි හීත්‍රෝ ගුවන්තොටුපොළ දෙවන ස්ථානයට පත්ව ඇත.
මෙම වසරේ ගත වූ මාස 6 තුළ ඉන්චියොන් ගුවන්තොටුපොළ මගීන් මිලියන 38.4කට පහසුකම් සපයා තිබේ. යුද ගැටුම් හමුවේ මැදපෙරදිග ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාල වීම මෙම ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
ප්‍රධාන ගුවන්තොටුපොළවල මගී ධාරිතාව (ගත වූ මාස 6 තුළ) ලෙස, පළමු ස්ථානය දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන්තොටුපොළ විසින් හිමිකරගෙන ඇති අතර ඔවුන් මගීන් මිලියන 38.4කට පහසුකම් සපයා ඇත. දෙවන ස්ථානය ලන්ඩන්හි හීත්‍රෝ ගුවන්තොටුපොළට (මගීන් මිලියන 37.79) හිමිවී ඇති අතර, සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළ මගීන් මිලියන 34.53කට පහසුකම් සපයමින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ අතර තෙවන ස්ථානයට පත්ව තිබේ.














