ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පිළියන්දල, වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
බත්තරමුල්ල පිහිටි හෝටලයක පැවැති උත්සවයකින් අනතුරුව අද (31) අලුයම ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ මෙම නිවසට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. ඇය නිදා සිටි අවස්ථාවේදී අවදි කිරීමට උත්සාහ කළද ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් 1990 සුවසැරිය කැඳවා ඇති අතර, පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයින් ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇත. මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














