මෝස්තර නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර මිය ගොස් සිට ඇත්තේ ඇයගේ පෙම්යවතාගේ වන GFLOCK ඇදුම් ආයතනයේ හිමිකරු රනිල් විල්ලද්දරගේට අයත් නිවසේ දීය.මෙම දෙදෙනා කලක පටන් පෙම්වතුන් ව සිට ඇත.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල සලකුණු හමු නොවූ අතර, මරණයට හේතුව සජීවී පටක සහ විෂවේද වාර්තා ලැබෙන තෙක් විවෘත තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකයක් නොමැති බව ද අදාළ ආරංචි මාර්ග පවසයි. දෙදෙනා අතර ගැටුමක් ඇතැයි සමාජ මාධ්‍යයේ යන කටකතා දේශපාලන සහ ඔහුගේ ව්‍යාපාරික තරගකාරිත්වය මත බවද එම ආරංචි මාර්ග පවසයි.
චූලාගේ පුතණුවන්ගේ අනාගතය සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ වගකීම අදාළ ව්‍යාපාරිකයා විසින් භාරගෙන ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
















