27 April 2024
#දේශීය

පුජිතට ඇප නියම කරයි

කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කර තිබේ.

පෙර පුවත් (2019-10-01 13:51:01) 

 පූජිත් CID අත්අඩංගුවට

 

අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ, 2017 වසරේ දී පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට සාපරාධි බිය ගැන්වීම සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස්පතිවරයා අද (01දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *