27 April 2024
#දේශීය

කපිල චන්ද්‍රසේන හා බිරිඳ 19 වනදා තෙක් රිමාන්ඩ් (Update)

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 පෙර පුවත ( පෙ.ව.11) 

ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ CID යට බාර වෙයි 

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අද(06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇති බව පොලිසිය පවසයි. 

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ඔවුන් අත්අඩංගුවට ගෙන අද දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *